Sunday, April 19, 2015

Sry lanka for Saibaba

ජී එන් සායිබබා 2015 අපේ‍්‍රල් 11 සිට මාරාන්තික උපවාසයක

saibabakept

2014 මැයි 9 වන දින සිට සිර ගත කෙරුණු දිල්ලි විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන, ආචාර්ය ජී එන් සායිබබා නාග්පූර් මධ්‍යම සිරගෙදර පාලනාධිකාරීන් විසින් ලබා දීමට ප‍්‍රතික්ෂේප කරන ලද මනා සෞඛ්‍ය ප‍්‍රතිකාර සහ සුදුසු ආහාර ලබා ගැනීමටයි දින නියමයක් නැතිව 2015 අපේ‍්‍රල් 11 වන දින සිට මාරාන්තික උපවාසයක් අරඹනු ලැබූහ. නාග්පූර් සිරගෙදර ප‍්‍රසිද්ධ අඳ බැරැක්කයේ ආචාර්ය සායිබබා, සිරගත කොට තිබෙන අතර ගාද්චිරෝලි උසාවියේ නඩුවාරයේ දී සහ බොම්බායේ ඉහළ උසාවියේ නාග්පූර් විනිශ්චය ආසනය මගින් ද ඔහුට දෙවරක් ම ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කරන ලදි.

අවසානයට පැවැත් වූ නඩු වාරය වන, 2015 මාර්තු 14 දී නාග්පූර් මධ්‍යම සිර ගෙදර සුපිරිටැන්ඩන්ට් සහ ප‍්‍රධාන සෞඛ්‍ය නිළධාරියා ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව සායිබබා රජයේ වෛද්‍ය විද්‍යාල රෝහලේ සහ නාග්පූර් හි අති විශේෂ රෝහලේ ප‍්‍රතිකාර ලබා ගන්නා බවත් සුදුසු ආහාර සැපයුම් සහ වෛද්‍ය අවශ්‍යතාවයන් ලැබෙන බවත් ප‍්‍රකාශ කළහ. සෞඛ්‍ය තත්ත්වය මත ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කිරීමට එවැනි වාර්තා පදනම් විය. කෙසේ හෝ, උසාවිය ඉදිරිපිට බන්ධනාගාර අධිකාරිය සිදු කළ එවැනි ප‍්‍රකාශ තිබියදීත්, බන්ධනාගාර පරිපාලනය ඔහුට සුදුසු සෞඛ්‍ය ප‍්‍රතිකාර සහ ආහාර සැපයුම් පමණක් නොව කලින් ඔහුට ලබා දෙන්නට ඉඩ හළ සමහර දේවල්ද ලබා දීම අත්හිටවන ලදි. ඔහුගේ සෞඛ්‍ය තත්වය දිගටම පිරිහීමේ තත්ත්වයට මුහුණ දීමත් සමග, සායිබබා මුළුමනින්ම ආහාර වර්ජනය කිරීමෙන් සෙනසුරාදා සිට සිය විරෝධය දැක්වීමට තීරණය කළහ.

2015 අපේ‍්‍රල් 30 වෙනි දින ඔහුව මුණ ගැසුණු, ඔහුගේ නිතිඥයෝ, වහාම නාග්පූර් බන්ධානාගාර වසම යටතේ පවතින නැගෙනහිර කලාප බන්ධනාගාර අධිකාරියේ DIG (බන්ධනාගාර) ට සන්දේශයක් යවන ලදි. නිළධාරීහු කෙසේ හෝ සංදේශය ලබාගැනීම පමනක් කළ අතර සායිබබා විසින් මතු කොට තිබූ ගැටලූවලට ප‍්‍රතිචාර දැක්වීම ප‍්‍රතික්ෂේප කරන ලදි. ඔහු උසාවියට සපයන වාර්තාවේ ඔවුන් විසින් සපයමින් තිබෙන දෑ ගැන සඳහනක් කිරීමටද කිසිදු කැමැත්තක් දැක්වූයේ නැත. ආචාර්ය ජී එන් සායිබබාගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට සහ ඔහුව නිදහස් කර ගැනීමට හදිසි ක‍්‍රියාමාර්ග ගැනීමට ආමන්ත‍්‍රණය කෙරෙනු ඇත.

[ජී එන් සායිබබා අත් අඩංගුවට ගනු ලැබුවේ ඔහු මාඕවාදීන් සමග සහ එහි සම ලේකම්වරයා වන ගණපති සමබන්ධකම් පවත්වන බව සහ එයට මූල්‍ය ආධාර දෙන බව යන චෝදනා ඉදිරිපත් කරමිනි. ඔහු සිවිල් අයිතිවාසිකම් සංවිධානයක් වූ විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ඒකාබද්ධ ලේකම්වරයා විය. ඔහු දිල්ලි සරසවියේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කළහ.]

No comments:

Post a Comment